බැතිමතුන් දහස් ගණනකගේ සාධු නාද මැද ඊයේ ඇරඹුණු ඓතිහාසික කතරගම පෙරහරේ දෙවැනි දිනය අදයි...
Thursday, 16 July 2026 - 15:17 | Views - 45
රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ (15) රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කෙරුණා. අද (16) දිනයේදී වීදි සංචාරය කරන්නේ මෙවර පෙරහැර මංගල්‍යයේ දෙවැනි පෙරහැර වන අතර, පුරා දින 15ක් තිස්සේ මෙම මහා පෙරහැර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර ඊයේ රාත්‍රී 8.15ට යෙදුණු සුභ මොහොතින් වීදි සංචාරය කිරීම ආරම්භ කළා. මෙවර පෙරහැර මංගල්‍යයේ කතරගම දේව ප්‍රතිමාව වැඩම කරවීමේ සුවිශේෂී කාර්යය සිදු කළේ වාසනා හස්තියා මතින් වීම විශේෂත්වයක්.

මෙවරත් රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර උඩරට සහ පහතරට සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් වුණා. මෙම අලංකාර පෙරහැර දැක බලා ගැනීම සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනකායක් කතරගම පූජා භූමියට රොක් වී සිටියා.

ප්‍රධාන වීදිය ඔස්සේ අභිමානවත් අන්දමින් ගමන් කළ පෙරහැර වල්ලි අම්මා දේවාලයට ගෙවැදීම සිදු වුණා. එහිදී පුරාණ පුද සිරිත් සහ ආගමික වතාවත් නිසි පරිදි ඉටු කිරීමෙන් අනතුරුව පළමු දින පෙරහර සාර්ථකව අවසන් කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top