උසස් පෙළ විභාගය කල් යයිද..? පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය එළියට...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
අදාළ පෙත්සම අද (16) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව නිකුත් කිරීමට කටයුතු කළා.
ඒ අනුව විභාගයට මුහුණ දීමට සූදානම් වන ඔබ මේ මස 23 වැනිදා ලැබෙන අධිකරණ තීන්දුව පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.