ජාතික හැඳුනුම්පත තවම ලැබුණේ නැද්ද..? හැඳුනුම්පත නැතිවීම විභාගයට අයැදුම් කිරීමට බාධාවක් කරගන්න එපා.. විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
Thursday, 16 July 2026 - 14:20 | Views - 74
මෙවර 2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවන දින වන විටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පෞද්ගලික අයැදුම්කරුවන්ට, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ඔන්ලයින් හරහා ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම නිසා හැඳුනුම්පත නොමැති වුවත් නියමිත දිනට පෙර විභාගය සඳහා අයැදුම් කිරීමට ඔබට අවස්ථාව පවතිනවා.

ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයැදුම්කරුවන් සඳහා විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු විශේෂ උපදෙස් මාලාවක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම 2026 ජූලි මස 03 වන දින සිට 2026 ජූලි මස 23 වන දින දක්වා මාර්ගගතව සිදු කෙරෙනවා.

ඒ අනුව, මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම නියමිත දිනට පෙර විභාගය සඳහා අයැදුම් කිරීමට බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

සියලුම අයැදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026.07.23 දිනට පෙර විභාගය සඳහා අයැදුම් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව සඳහන් කළා.

මෙම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික දුරකථන අංකය මඟින් හෝ 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක සහ 0112784422 යන ෆැක්ස් අංකය මඟින් තොරතුරු ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top