කුරුණෑගල කාර් රථය ගිනි ගැනීමේ වීඩියෝව පිටුපස ඇති සැබෑ කතාව.. පොලිස් විමර්ශනවලින් හෙළි වූ අලුත්ම තොරතුරු මෙන්න.
Thursday, 16 July 2026 - 8:56 | Views - 56
කුරුණෑගල ප්‍රදේශයේ පාසල් භූමියක කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධියක් සහ ඒ අසලින් සිසුවෙකු ගමන් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව තුළින් සිසුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදුකර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක් ද ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම සිදුවීම කුරුණෑගල පොලිස් වසමේ පිහිටි විදුහල් භූමියක සිදුවූවක් බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

කුරුණෑගල පොලිස් ස්ථානය මගින් ලබා දී ඇති වාර්තාවට අනුව, පසුගිය 03 වැනිදා කුරුණෑගල නගරයේ විදුහල් භූමියක ලක්ෂ 140ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිසුවෙක් වගකිව යුතු බවට සඳහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇති බවත් සඳහන් වුණා.

කුරුණෑගල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු වහාම ආරම්භ කළ අතර, එහිදී සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා සිසුවා එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

එසේ වුවද, මෙම වීඩියෝවේ දර්ශණය වන සිසුවා කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ වෙනත් විද්‍යාත්මක සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැහැදිලි කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යනු ලබනවා.

එමෙන්ම රජයේ රස පරීක්ෂක කාර්යාලය මගින් ද ගිනි ගැනීමට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top