කාලගුණය අද දවසේ වෙනස් වෙන්නේ කොහොමද..? දිවයිනේ ප්‍රදේශ රැසකට දුන් නිවේදනය මෙන්න.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (16) දිනයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව එම ප්‍රදේශවල ජීවත් වන ඔබ මේ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත්.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.
එම නිසා අද දිනයේ පිටතට යාමේදී සූදානමකින් යුතුව කටයුතු කරන ලෙස සිහිපත් කරනවා.