තරුණ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් ගත් තීරණාත්මක පියවරක්.. ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා අද එළිදැක්වෙයි...
Wednesday, 15 July 2026 - 17:17 | Views - 39
මෙරට මහජනතාවට ලිංගිකත්වය පිළිබඳ නිවැරදි අධ්‍යාපනික කරුණු ලබාදීමේ දී අනුගමනය කළ යුතු "ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ" නිල වශයෙන් එළිදැක්වීමේ ජාතික උත්සවය අද (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම විශේෂ උත්සවයේදී මෙරට සමස්ත ජනතාව, පාසල් පද්ධතිය සහ තාරුණ්‍යය ඍජුවම ඉලක්ක කරගත් සුවිශේෂී ලිංගික සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා කිහිපයක් නිල වශයෙන් රට හමුවට පැමිණවීමට නියමිතයි.

මෙහිදී එළිදැක්වීමට නියමිත ප්‍රධාන නිල ලේඛන අතර, වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව සහ විශේෂයෙන්ම 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා වන වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත ඇතුළත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම වැදගත් ප්‍රකාශන එළිදැක්වීමට අමතරව, මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස වඩාත් ගුණාත්මකව සංවර්ධනය කිරීම උදෙසා වන විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම ජාතික උත්සවය තුළදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top