ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර පැවැත්වෙන අතිදැවැන්ත සමාප්ති උළෙල මෙන්න..
Wednesday, 15 July 2026 - 16:57 | Views - 39
ලෝක ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම ක්‍රීඩා ඉසව්ව එහි අවසානය කරා ළඟාවෙමින් තිබෙනවා.

ඒ අනුව, ජූලි 19 වැනි ඉරිදා නිව්යෝර්ක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී (New York New Jersey Stadium) පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතයි.

මෙහිදී සත්කාරක රටවල් තුනක් සහ සත්කාරක නගර 16ක් පුරා කණ්ඩායම් 48ක් පැමිණි අමතක නොවන ගමන් මඟ සැමරීමට නියමිත බවටයි සඳහන් වෙන්නේ.

තරගය ආරම්භ වීමට පෙර පැවැත්වෙන මෙම උත්සවය සඳහා ලෝක ප්‍රකට සංගීත සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දැවැන්තයින් රැසක් එක්වීමට නියමිත බවට ද සඳහන්.

මෙම තරු පිරි සංදර්ශනයේදී ලෝරා පවුසිනි (Laura Pausini), නිකොල් ෂර්සිංගර් (Nicole Scherzinger), රොබී විලියම්ස් (Robbie Williams) සහ අයිෂෝස්පීඩ් (IShowSpeed) ගේ ගායන හා රංගන ඉදිරිපත් කිරීම් ඇතුළත් වන අතර, සුපිරි නළු ටොම් කෲස්ගේ (Tom Cruise) විශේෂ සහභාගීත්වයක් ද ඊට ඇතුළත්.

ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර, එමි, ග්‍රැමී, ඔස්කාර් සහ ටෝනි සම්මානලාභී ජෙනිෆර් හඩ්සන් (Jennifer Hudson) විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ගීය ගායනා කිරීමට නියමිතයි.

ලොව වඩාත්ම ඇගයීමට ලක් වූ කලාකාරිනියක වන හඩ්සන්ගේ මෙම ප්‍රබල ගායනය, පාපන්දු ඉතිහාසයේ විශාලතම සහ වඩාත්ම අපේක්ෂිත තරගය සඳහා කදිම ආරම්භයක් ලබා දෙනු ඇති.

සමාප්ති උළෙල අමෙරිකාවේ වේලාවෙන් පස්වරු 13:30ට (තරගය ආරම්භ වීමට විනාඩි 90කට පෙර) ආරම්භ වන බැවින්, ක්‍රීඩාංගණයට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ද මෙම සංදර්ශනයේ සක්‍රීය කොටස්කරුවන් වීමට අවස්ථාව ලැබෙන අතර, ඒ සඳහා වේලාසනින් පැමිණෙන ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ.

ක්‍රීඩාංගණයේ ද්වාරයන් පෙරවරු 11:00ට (තරගය ආරම්භ වීමට පැය හතරකට පෙර) විවෘත කෙරෙන අතර, එහිදී විශේෂිත ක්‍රියාකාරකම්, ත්‍යාග සහ තරගයට පෙර පැවැත්වෙන අතිරේක විනෝදාස්වාද වැඩසටහන් ඇතුළු අත්දැකීම් රැසක් විඳ ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙනවා.

_විදෙස් මාධ්‍ය_
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top