අවුරුදු 7කට පස්සේ මැඩෝනාගෙන් ලොකු පෙරළියක්.. තරුණ පරපුරේ ගායිකාවන් පරදවමින් අලුත්ම ඇල්බම් එකෙන් තියපු අලුත්ම වාර්තාව මෙන්න.
ලෝකයේම ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායිකා මැඩෝනා (Madonna) අවුරුදු 7කට පස්සේ ඇගේ අලුත්ම ඇල්බම් එක වන 'Confessions II' නිකුත් කරලා තිබෙනවා.
ඒ වගේම මේ ඇල්බම් එක රිලීස් කරපු ගමන්ම Billboard 200 දර්ශකයේ පළවෙනි තැනට එන්නත් ඇය සමත් වෙලා.
මේ ඇල්බම් එකේ පිටපත් 134,000ක් මේ සතියේ විකිණිලා තියෙනවා. ඒකෙන් මැඩෝනා, මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න යොවුන් ගායිකා ඔලිවියා රොඩ්‍රිගෝ (Olivia Rodrigo) වත් පහු කරගෙන තමයි මේ විදිහට පළවෙනි තැනට ඇවිත් තියෙන්නේ.
Billboard දර්ශකයේ වාර්තා වෙන විදිහට මේ ඇල්බම් එකේ physical සහ digital පිටපත් 114,000ක් විකිණිලා තිබෙනවා. මේක තමයි 2012න් පස්සේ මැඩෝනාගේ ඇල්බම් එකක් වැඩියෙන්ම විකිණුනු සතිය විදිහට වාර්තා වුණා. ඒ වගේම මිලියන 20.1ක streaming වාර්තාවකුත් මේ ඇල්බම් එක තියලා තිබෙනවා.
මේ අතරේ, ඒකක 103,000ක් එක්ක Olivia Rodrigoගේ 'You Seem Pretty Sad for a Girl So in Love' කියන ඇල්බම් එකට මේ සතියේ ලැබිලා තියෙන්නේ දෙවෙනි තැන. ඒ වගේම Ken Carson සහ බ්‍රිතාන්‍ය ජාතික Sienna Spiroගේ අලුත් ඇල්බම් දර්ශකයේ 7 සහ 9 වැනි ස්ථානවල තිබෙනවා.
මේ අතරේ ඇමරිකානු නිදහස් දින සැමරුම් කාලය නිසා ගොඩක් අය දේශාභිමානී සින්දු අහපු නිසා, Toby Keith ගේ '35 Biggest Hits' ඇල්බම් එකත් ආයෙමත් top 10 ලැයිස්තුවට ඇවිත් තිබෙනවා.
මැඩෝනා මීට කලින් 2019 අවුරුද්දේ 'Madame X' කියලා ඇල්බම් එකක් රිලීස් කළා. ඒකත් Billboard දර්ශකයේ පළවෙනි තැනට ආවත්, ඒකේ ඒකක විකිණිලා තිබුණේ 95,000ක් විතරයි. ඉතින් ඒ වාර්තාවත් මේ අලුත් ඇල්බම් එකෙන් ලේසියෙන්ම කඩන්න මැඩෝනා සමත් වෙලා තියෙනවා. වයසට ගියත් මැඩෝනාගේ ජනප්‍රියත්වය නම් තාමත් අඩුවෙලා නෑ කියලා තමයි මේ වාර්තා දිහා බලනකොට පේන්නේ..