අනාරක්ෂිත අනාගතයකට මුහුණ දෙන තරුණ පරපුරට දැඩි බලපෑමක්.. මූල්‍ය ස්ථාවරත්වය සොයා පවුල් ජීවිතයෙන් ඈත් වන තරුණ ප්‍රජාවේ රහස..
Monday, 13 July 2026 - 15:46 | Views - 41
පවතින දැඩි ආර්ථික සහ සමාජයීය තත්ත්වයන් හේතුවෙන් මෙරට තරුණ පරපුර විවාහ වීම සහ දරුවන් ලැබීම සිතාමතාම ප්‍රමාද කිරීමේ කැපී පෙනෙන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනගහන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මෙන්ම ශ්‍රී ලංකා ජනගහන සංගමයේ සභාපති මනෝරි කළුතන්තිරි වීරතුංග පවසනවා.

මෙය තරුණ පරපුර විසින් පවුල් ජීවිතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් නොව, වත්මන් දරුණු ආර්ථික වටපිටාව හමුවේ තරුණ ප්‍රජාව දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් ලෙස සමාජය වටහා ගත යුතු බව 2026 වසරේ ලෝක ජනගහන දිනය නිමිත්තෙන් විශේෂ ලිපියක් සකස් කරමින් ඇය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව මේ වන විට උපත් අනුපාතිකය සීඝ්‍රයෙන් පහළ යෑම, ජනගහනය වේගයෙන් වයස්ගත වීම, බුද්ධි ගලනය ඇතුළු තරුණ සංක්‍රමණය ඉහළ යෑම සහ සාම්ප්‍රදායික පවුල් රටාවන් වෙනස් වීම වැනි දැඩි ජනගහන විපර්යාසයන්ට ඍජුවම මුහුණ දෙමින් සිටින බව මහාචාර්යවරිය සඳහන් කළා.

විශේෂයෙන්ම දිනෙන් දින ජීවන වියදම ඉහළ යෑම, රැකියා අනාරක්ෂිතභාවය, දැරිය හැකි සාධාරණ මිලකට නිවාස නොමැතිකම සහ වෘත්තීයමය පීඩනය වැනි ප්‍රබල කරුණු තරුණ පරපුරේ විවාහ සහ දරු උපත් පිළිබඳ තීරණ කෙරෙහි සෘජුවම බලපා තිබෙනවා.

බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට පෙර මූල්‍ය ස්ථාවරත්වය සහ වෘත්තීය දියුණුව ළඟා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වනවා.

අධ්‍යාපන අවස්ථා පුළුල් වීම, කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ යෑම සහ පවුල් මනාපයන් වෙනස් වීම වැනි කරුණු මත මෙම උපත් අනුපාතිකයේ අඩුවීම තීරණය වන බව මහාචාර්ය මනෝරි වීරතුංග අවධාරණය කරනවා.

එබැවින් තරුණ පරපුර වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක්, යහපත් රැකියා සහ පවුල් ජීවිතයට හිතකර සේවා පරිසරයක් නිර්මාණය වන පරිදි රජයේ ප්‍රතිපත්ති සකස් විය යුතු අතර, එය ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් කෙරෙන වටිනාම ආයෝජනයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top