නිශ්ශබ්දවම පැතිරෙන භයානක ලිංගාශ්‍රිත රෝග රැල්ල.. ආසාදිතයින් දසදහසේ සීමාව ඉක්මවා යයි..
Monday, 13 July 2026 - 14:36 | Views - 126
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත් ලිංගාශ්‍රිත රෝගීන් දසදහස ඉක්මවා අතිශය ඉහළ අගයකින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම බියකරු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ සිට මේ දක්වා වූ කෙටි කාල සීමාව තුළදී බවයි.

මෙලෙස හඳුනාගත් සමස්ත රෝගීන් අතර හර්පීස්, ගොනෝරියා, උපදංශය (සිෆිලිස්) සහ ලිංගික ඉන්නන් ශරීරගත වූ රෝගීන් දසදහස් තිස් දෙදෙනකු (10,032) පසුවනවා. නිල දත්ත වාර්තාවලට අනුව හර්පීස් ආසාදිතයන් 2,920ක්, ලිංගික ඉන්නන් සහිත රෝගීන් 2,284ක්, සිෆිලිස් (Syphilis) රෝගීන් 1,289ක්, ගොනෝරියා (Gonorrhea) රෝගීන් 692ක් සහ වෙනත් ලිංගික රෝග ආසාදිතයන් 2,847ක් ලෙසයි සටහන් වන්නේ. එසේම, මෙම කාලය තුළ පමණක් අලුතින් හඳුනාගත් ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව ද 874ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම ලිංගික ප්‍රදේශවල හටගන්නා අනපේක්ෂිත තුවාල, බිබිලි, ලිංගික අවයව ආශ්‍රිතව පවතින දැඩි වේදනාකාරී තත්ත්වයන්, ගැටිති වැනි රෝග ලක්ෂණ සහ දින තුනකට වඩා වැඩි කාලයක් පවතින තද උණ තත්ත්වයක් ඇත්නම්, කිසිදු ලැජ්ජාවකින් තොරව කඩිනමින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

අනාරක්ෂිත ලිංගික සබඳතාවල නිරතවන පුද්ගලයන් නිරන්තරයෙන්ම සායනික වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීමෙන් සහ මුල් අවධියේදීම නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම භයානක රෝගී තත්ත්වයන් නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව පවතිනවා.

මෙම විශේෂිත සෞඛ්‍ය පරීක්ෂණ ඉතාමත් රහස්‍ය අයුරින් සිදුකර ගැනීමට සහ ඒ සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමට KNOW4SURE.LK නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය සියලුම තොරතුරු සහ උපදෙස් ලබාගත හැකි බව එම වැඩසටහන වැඩිදුරටත් සඳහන් කළා.

මූලාශ්‍රය : අරුණ පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top