ඩෙංගු වසංගතයෙන් දරුවන් බේරාගන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත් සුවිශේෂී තීරණය.. සාමාන්‍ය නිල ඇඳුම වෙනුවට පාසල් සිසුන්ට දුන් ලොකුම අවසරය මෙන්න..
ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යන මාරක ඩෙංගු මදුරු දෂ්ටනයෙන් පාසල් සිසුන් උපරිමයෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිශය වැදගත් සහ විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, භයානක ඩෙංගු උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල් තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර දෙකක් පිළිබඳව මෙලෙස උපදෙස් නිකුත් කර තිබෙනවා.
පළමු පියවර ලෙස, සාමාන්‍ය පාසල් වේලාව තුළදී සිසුන්ගේ සාමාන්‍ය පාසල් නිල ඇඳුමට අමතරව, ශරීරයේ අත් සහ කකුල් සම්පූර්ණයෙන්ම වැසෙන සේ සකස් කළ සුදුසු ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට දැඩිව උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම, දෙවන පියවර ලෙස නිසි සෞඛ්‍ය ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීම සඳහා පාසල් මට්ටමින් සිසුන් සහ දෙමාපියන් සක්‍රීයව දැනුවත් කරන ලෙස ද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.