ලබන වසරේ ජනතාවගේ ආර්ථික දෛවය තීරණය කරන 2027 අයවැය.. ගැසට් පත්‍රයේ පළ කරන නිල දිනය මෙන්න..
ලබන 2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් රටේම අවධානය දිනාගන්නා අයවැය කතාව එළඹෙන නොවැම්බර් මස 12 වැනිදා සිදුකරන බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් වන මෙම විසර්ජන පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් පත්‍රයේ පළ කිරීම එළඹෙන සැප්තැම්බර් මස 18 වැනිදා සිදු කිරීමටයි මේ වන විට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළ පරිදි, අයවැයෙහි පළමුවර කියවීම ඔක්තෝබර් මස 07 වැනිදා සිදු කෙරෙනවා.
ඉන් අනතුරුව, මුළු රටේම දැඩි අවධානයට ලක්වන දෙවැනි වර කියවීමේ තීරණාත්මක විවාදය නොවැම්බර් මස 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේදී අඛණ්ඩව පැවැත්වීමට නියමිතයි.