ජල කරාමය අසල වැටී සිටි 88 හැවිරිදි පියාගේ අභිරහස් මරණය.. සැකපිට විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට..
බෙලිඅත්ත, සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට, කැපුම් තුවාල සහිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන 88 හැවිරිදි සිවුදරු පියෙකුගේ සිරුරක් ඊයේ (11) රාත්‍රි කාලයේදී සොයාගෙන ඇති බව තංගල්ල පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සියඹලාගොඩ, දිගංවල ප්‍රදේශයේ පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නමැති වයෝවෘද්ධ පුද්ගලයෙක්.
සිය බිරිඳ සමඟ නිවසේ ජීවත්ව ඇති මෙම පුද්ගලයා, ඊයේ (11) රාත්‍රි 8.00 ට පමණ නිවස ඉදිරිපිට පිහිටි ජල කරාමයක් ආසන්නයේ බිම වැටී සිටියදී සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුරෙහි කැපුම් තුවාල කිහිපයක්ම තිබී ඇති අතර, ඔහු වැටී සිටි ස්ථානයේ මෙන්ම මුහුණෙහි ද විශාල වශයෙන් රුධිරය තැවරී තිබූ බව පොලිසිය සඳහන් කළා.
කිසියම් අයෙකු විසින් මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බව පොලිසිය සැක කරන අතර, එම සිද්ධියට සැකපිට මියගිය අයගේ බාල පුතු වන 48 හැවිරිදි පුද්ගලයෙකුව තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු වන මොහු ඊයේ උදෑසන 11.00 ට පමණ පියාගේ නිවසට පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ආරක්ෂක අංශ පවසන පරිදි, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාර පුත්‍රයා අධික ලෙස බීමත්ව සිට ඇති බව ද වාර්තා වනවා.
සිද්ධිය සැලවීමත් සමඟම තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරීන් විසින් අපරාධය සිදු වූ ස්ථානය පිළිබඳව විද්‍යාත්මක පරීක්‍ෂණ පවත්වා තිබෙනවා. මේ වන විට තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඉතාමත් පුළුල් මට්ටමින් සිදු කරනු ලබනවා.