වෙරළේ මසුන් අල්ලද්දී ආ මාරක රළ පහර.. දින දෙකකට පසු මුහුදේ පාවෙමින් තිබූ 19 හැවිරිදි තරුණයාගේ නිසල සිරුර හමුවෙයි..
තංගල්ල, මාවැල්ල වෙරළ තීරයේ මසුන් අල්ලමින් සිටියදී අවාසනාවන්ත ලෙස රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ (11) පස්වරුවේ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස දියෙහි ගිලීමෙන් ඉතාමත් අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, ගොඩැල්ලවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි ජුවානා හැන්නදිගේ චමිදු දිල්ෂාන් නැමැති දහනව හැවිරිදි තරුණයෙක්.
මියගිය තරුණයා ඉකුත් (09) වැනිදා දහවල් කාලයේදී තංගල්ල මාවැල්ල වෙරළ තීරයේ බිලී පිත්තක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිට ඇති අතර, එහිදී හදිසියේ පැමිණි ප්‍රබල රළ පහරකට හසුව ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් (Search operation) ආරම්භ කළද මුල් අවස්ථාවේදී ඔහුව සොයා ගැනීමට හැකි වී නැහැ.
කෙසේ වෙතත්, ඊයේ (11) පස්වරුවේ මාවැල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබූ මෙම තරුණයාගේ සිරුර ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් විසින්සොයාගෙන තිබෙනවා.
මුළු ප්‍රදේශයම සසල කළ මෙම දියෙහි ගිලී මියයාමේ ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ඉතාමත් පුළුල් ලෙස සිදු කරනු ලබනවා.