ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි..
Sunday, 12 July 2026 - 15:52 | Views - 32
ඩෙංගු උවදුර දැඩි ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් සති දෙකක කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම වසා තබා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළිත් සිසුන් වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නිල වශයෙන් සඳහන් කරනවා.

විශ්වවිද්‍යාලය හෙට දිනයේ යළි විවෘත කිරීමට පෙර එහි සමස්ත පරිශ්‍රයම පිරිසිදු කිරීමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 'Clean Sri Lanka' ව්‍යාපෘතිය යටතේ අද (12) දවස පුරා අඛණ්ඩව සහ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ බව වාර්තා වෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින 'Clean ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලැබූ මෙම දැවැන්ත වැඩසටහනේදී සෞන්දර්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම, දුමායනය කිරීම සහ මදුරුවන් බෝවන සියලුම ස්ථාන සූක්ෂ්ම ලෙස පරීක්ෂා කිරීම සිදුකර තිබෙනවා.

මේ සඳහා කොළඹ නගර සභාවේ (CMC) බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ විශ්වවිද්‍යාලයේ සේවක කාර්ය මණ්ඩලය ද එකසේ දායකත්වය ලබා දී තිබුණා.

සාර්ථකව සිදුකළ මෙම පිරිසිදු කිරීම්වලින් පසුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හෙට (13) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි වන බව පරිශ්‍රය පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ කියා සිටියා.

මෙවැනි පොදු රාජ්‍ය ස්ථාන තමන්ගේම පෞද්ගලික ස්ථාන යැයි සලකා නිරන්තරයෙන් පිරිසිදු කර ගැනීමට සරසවි සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද පෙරමුණ ගෙන කටයුතු කළ යුතු බව මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැඩිව අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top