ලංකාවේ මිරිදිය ඉස්සන් වගාවේ පෙරළිකාර වර්ධනයක්.. ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියෙන් ලැබුණු සතුටුදායක ආරංචිය මෙන්න.
ශ්‍රී ලංකාවේ මිරිදිය ඉස්සන් වගා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සහ ඉතාමත් සතුටුදායක වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන බව ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය (NAQDA) නිල වශයෙන් පවසනවා.
මෙම වගා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රුපියල් මිලියන 200ක සුවිශේෂී ප්‍රතිපාදන යටතේ රජය මගින් ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතියක් ද මේ වන විට දිවයින පුරා ඉතාමත් සාර්ථකව දියත් වෙමින් පවතිනවා.
නවීන තාක්ෂණයට අනුකූලව කූඩු ක්‍රමය (Cage culture) යටතේ ඉස්සන් වගාකරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හේතුවෙන්, මේ වන විට ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය (Survival rate) සියයට 40 ත් 55 ත් දක්වා ඉතාමත් ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.