කතරගම යන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් ලංගමයෙන් සහනයක්.. වාර්ෂික උත්සවය නිමිත්තෙන් විශේෂ බස් සේවාවක් ඇරඹෙයි..
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින බැතිමතුන්ගේ පහසුව උදෙසා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (SLTB) විසින් සුවිශේෂී බස් රථ සේවාවක් අලුතින්ම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙම විශේෂ බස් රථ සේවාවන් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම කතරගම වන්දනාවේ පැමිණෙන මගී ජනතාවගේ ගමනාගමන පහසුව උපරිමයෙන් සලසා දීමේ අරමුණින්, කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද මේ වන විට අලුතින්ම ස්ථාපිත කර තිබෙනවා.