"ලෙඩේ වසන් කළොත් මුළු රටම අනතුරේ" මාරක ඩෙංගු රෝගීන් 67,000 පනී.. මරණ 47ක්..
Saturday, 11 July 2026 - 17:06 | Views - 62
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් ඒ පිළිබඳව කිසිසේත්ම සඟවාගෙන නොසිට, ඉක්මනින් ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කාර්යාලය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරනවා.

ඇතැම් පුද්ගලයින් පෞද්ගලික පරීක්ෂණාගාරවලින් රුධිර පරීක්ෂා කර රෝගය වැළඳී ඇති බවට තහවුරු වුවද එය සමාජයෙන් වසන් කිරීමට කටයුතු කරන බව එහි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගයාන් ප්‍රසංග ප්‍රකාශ කළා. ඩෙංගු රෝග ව්‍යාප්තියේ තවමත් කිසිදු අඩුවක් දක්නට නොලැබෙන පසුබිමක, ගෙවුණු දිනය තුළ පමණක් රෝගීන් 1,079 දෙනෙකු අලුතින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,143 දක්වා සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. අවාසනාවන්ත ලෙස මේ වනවිට වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවන් අවදානම් පසුබිමක ඩෙංගු ව්‍යාප්තිය වහාම මැඩපැවැත්වීමේ අරමුණින් දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන් රැසක් මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මකයි. ඒ අනුව, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ සිංහපුර මාවත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වා තිබෙනවා.

මේ අතර, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඩෙංගු මදුරුවන් බෝ කරන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව පැනවූ නඩු විභාග කිරීමේදී, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21 ක දැවැන්ත දඩයක් නියම කර තිබෙනවා.

මෙය මෙරට ඉතිහාසයේ දිනක් තුළ ඩෙංගු බෝ කරන ස්ථාන සඳහා අධිකරණයකින් ලබාදුන් වැඩිම දඩ මුදල ලෙස සැලකෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top