උසස් පෙළ සිසුන්ගේ දෛවය තීරණය වන තීරණාත්මක මොහොත ළඟ ළඟම.. සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුලදීම එළියට..
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, මෙවර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා සිසුන් විසින් අයදුම්පත් 92,043 ක් යොමුකර ඇති බව වාර්තා වුණා.
එම අයදුම්පත් සියල්ල ඉතාමත් සූක්ෂ්ම ලෙස සලකා බලා මෙවර විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා සිසුන් 42,937ක් ඇතුළත් කර ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවර සරසවි ප්‍රවේශය ලබන සිසුන් වෙනුවෙන් නව උපාධි පාඨමාලා කිහිපයක්ම අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර, එළඹෙන සැප්තැම්බර් මස සිට ඒ ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සක්‍රීයව ආරම්භ කිරීමට නියමිතයි.
සංඛ්‍යාලේඛනවලට අනුව 2025 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සමස්ත සිසුන් 176,527 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.