චීනයේ ගම්මාන මැදින් ඇදෙන මහා විෂ සර්පයන්.. ඇසූවන් පවා මවිත කළ තිගැස්සෙන සුළු කතාව මෙන්න..
Saturday, 11 July 2026 - 13:58 | Views - 26
චීනයේ 'Maysak' සුළි කුණාටුව 'Hengzhou' කලාපය හරහා හමා යාමෙන් ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර, එම කලාපයේ සිටි සර්පයන් 900ක් පමණ මේ වන විට නිදැල්ලේ සැරිසරමින් පවතින බවත්, ඉන් බහුතරයක් අධික විෂ සහිත සර්පයන් බවත් CNN පුවත් සේවය සඳහන් කර තිබෙනවා.

ප්‍රදේශයේ ගංවතුරට හසු වූ සර්ප ගොවිපළකින් පළා ආ බවට සැකකෙරෙන සර්පයෙකු දෂ්ට කිරීමෙන් මේ වන විට එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුටම සර්පයන් දෂ්ට කර ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. මේ හේතුවෙන් චීන බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්වාසීන්ට මෙම සර්පයන්ගෙන් ඈත්ව සිටින ලෙස දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙලෙස නිදැල්ලේ හැසිරෙන්නේ සර්පයන් පමණක් නොවන බවද වාර්තා වුණා. කලාපයේ පිහිටි සත්වෝද්‍යානයක් ගංවතුරට හසු වීමත් සමග සීබ්‍රාවන් දෙදෙනෙකු, කුඩා ප්‍රමාණයේ අශ්වයන් තිදෙනෙකු සහ බූරුවන් දෙදෙනෙකු ඇතුළු තවත් සතුන් කිහිපදෙනෙකුම එලෙස පැන ගොස් තිබෙනවා. පළා ගිය සතුන් අතර සිටින පැසබරන්, පක්ෂීන් සහ තවත් සතුන් කිහිප දෙනෙකු බියට පත් වූ විට ප්‍රචණ්ඩකාරී විය හැකි බව පුද්ගලික අයිතිකරුවෙකු සතු 'Guigang' සත්වෝද්‍යානය හදිසි නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම එම සතුන් දුටුවහොත් ඒ පිළිබඳව වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ගංවතුර මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යන විට සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් අන්තරාදායක සතුන්ගේ කූඩු වසා දැමීමට කටයුතු කළ බව සත්වෝද්‍යානයේ හිමිකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස සිංහයන් තිදෙනෙකු ජලයට හසුවී ගිලී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. මේ අතර චීන 'Shangyou News' පුවත් සේවය වාර්තා කරන පරිදි, එම ප්‍රදේශයේ ගොවිපළවල සිටි ඌරන් 16,000කට අධික සංඛ්‍යාවක්ද මෙම දරුණු ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top