ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට ජලය ලැබෙයි.. දහස් ගණනකගේ පිපාසය නිමා කළ ජල ව්‍යාපෘතියේ තොරතුරු මෙන්න..
Friday, 10 July 2026 - 10:21 | Views - 80
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දුන් ජල ගැටලුවට ස්ථිර සාර විසඳුම් ලබාදෙමින්, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙනවා.

මෙම දැවැන්ත ජල ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 42ක් සම්පූර්ණයෙන්ම ආවරණය වන අතර, පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳි පුද්ගලයින් 91,810 දෙනෙකුට සෙත සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් සඳහන් කළේ. මේ හරහා ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙයට සමගාමීව, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද අද දිනයේම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. මෙය රජරට ජනතාවගේ පානීය ජල ගැටලුව නිමා කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top