මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන.. කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්..
Friday, 10 July 2026 - 9:58 | Views - 71
මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ වූ රැඳවියන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

ගැටුම අතරතුර රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව බිඳගෙන පිටතට පැමිණීමට දැරූ උත්සාහය වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන එල්ල කර ඇති බවට බන්ධනාගාර ආරංචිමාර්ග වාර්තා කරනවා.

එම නිලධාරියා අදාළ හදිසි අවස්ථාව මතු වූ දිනයේදී සේවයට වාර්තා කර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද වාර්තා වුණා.

මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මීගමුව බන්ධනාගාර ගැටුම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති 'කටුවැල්ලේගම සුරේෂ්' නමැත්තාට, ඔහු මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් පහර දී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සුරේෂ් සහ ඔහුගේ සහචරයින් 13 දෙනෙකු එක්ව මෙම ගැටුම සැලසුම් කර ඇති බවයි.

මෙම කල්ලියට 'රොකී' නමැති රැඳවියෙකුද ඇතුළත් වන අතර, ඔහු සුරේෂ් සමග එක්ව ගැටුම මෙහෙයවා පසුව සැඟවී සිට ඇති බව වාර්තා වුණා.

ගැටුම නිම වූ පසු එම රොකී නමැති පුද්ගලයා කිසිවකට සම්බන්ධ නැති බව පෙන්වීම සඳහා ඔහු බන්ධනාගාර නිලධාරීන් සමඟ එක්ව සෙසු රැඳවියන්ට ආහාර පාන බෙදා දීමට ද කටයුතු කර තිබෙනවා.

සිද්ධියට සැක කෙරෙන 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට ආරක්ෂිතව බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

එමෙන්ම, ගැටුම අවස්ථාවේදී බන්ධනාගාරයේ තිබියදී අතුරුදන් වූ රිපිටර් (Repeater) වර්ගයේ ගිනිඅවිය නැවත බන්ධනාගාරය තුළ තිබියදීම සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේ වන විට විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව බන්ධනාගාරය සතුව තිබූ රිපිටර් වර්ගයේ අවි 22 ක් සහ T58 වර්ගයේ ගිනිඅවි 10 ක් භාරයට ගෙන තිබෙනවා.

මේ අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top