ගී ලොව සිහින නෙළුම් මල, ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක සෝ සුසුම් මැද මෙලොවින් සමුගනියි..
මෙරට බටහිර මෙන්ම දේශීය සංගීත ක්ෂේත්‍රය තුළ ද තමන්ටම අනන්‍ය වූ අපූර්ව ගායන ශෛලියකින් දශක කිහිපයක් පුරා රසික හදවත් එක ලෙස දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 68 හැවිරිදි වියේ පසුවූ ඇය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය ගැයූ "පහන් නොවන රෑක", "කැන්ඩි ලමිස්සී", "සිහින නෙළුම්මල්" වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් අදටත් පරම්පරා ගණනාවක් පුරා රසිකයන් අතර නොමැකෙන මතකයන් ඉතිරි කර තිබෙනවා. ඇයගේ මෙම හදිසි අභාවය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට මෙන්ම ඇයට ආදරය කළ සමස්ත ලෝකවාසී රසික ප්‍රජාවටම පියවිය නොහැකි දැවැන්ත පාඩුවක් වනු නිසැකයි.
ප්‍රවීණ කලාකාරිනියගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම් දීමට නියමිත අතර, රසික හදවත් සනහාලූ ඇයට මොක්සුව ප්‍රාර්ථනා කර සිටිමු..!