ගී ලොව සිහින නෙළුම් මල, ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක සෝ සුසුම් මැද මෙලොවින් සමුගනියි..
Friday, 10 July 2026 - 9:17 | Views - 42
මෙරට බටහිර මෙන්ම දේශීය සංගීත ක්ෂේත්‍රය තුළ ද තමන්ටම අනන්‍ය වූ අපූර්ව ගායන ශෛලියකින් දශක කිහිපයක් පුරා රසික හදවත් එක ලෙස දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 68 හැවිරිදි වියේ පසුවූ ඇය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය ගැයූ "පහන් නොවන රෑක", "කැන්ඩි ලමිස්සී", "සිහින නෙළුම්මල්" වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් අදටත් පරම්පරා ගණනාවක් පුරා රසිකයන් අතර නොමැකෙන මතකයන් ඉතිරි කර තිබෙනවා. ඇයගේ මෙම හදිසි අභාවය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට මෙන්ම ඇයට ආදරය කළ සමස්ත ලෝකවාසී රසික ප්‍රජාවටම පියවිය නොහැකි දැවැන්ත පාඩුවක් වනු නිසැකයි.

ප්‍රවීණ කලාකාරිනියගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම් දීමට නියමිත අතර, රසික හදවත් සනහාලූ ඇයට මොක්සුව ප්‍රාර්ථනා කර සිටිමු..!
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top