ඩෙංගු මර්දනයට කොළඹින් දැවැන්ත නීතිමය පියවරක්.. ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක්.. එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ..
Thursday, 09 July 2026 - 17:35 | Views - 37
රට තුළ පවතින දරුණු ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව, මදුරුවන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාව මත ගතවූ මාසය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්ථානීය නඩු 634ක් ගොනු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) පියවර ගෙන තිබෙනවා.

මෙම වැටලීම්වලදී මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව අධිකරණය මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක (රු. 10,225,000) දැවැන්ත දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් සඳහන් කළ සිටියේ ගෙවුණු මස තුළ ඩෙංගු බෝවීමට සැලැස්වූ නිවාස 494ක්, රජයේ සහ පුද්ගලික ආයතන 134ක්, පාසල් 4ක්, ආගමික ස්ථාන 02කටද නඩු පැවරූ බවයි.

ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන මෙවැනි පසුබිමක, මහජනතාව දැනුවත් කිරීම් සිදු කරන අතරතුරම මදුරුවන් බෝවන ස්ථාන සොයා සෝදිසි කිරීම් සහ වැටලීම් ඉදිරියටත් ඉතාමත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top