ඩෙංගු මර්දනයට කොළඹින් දැවැන්ත නීතිමය පියවරක්.. ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක්.. එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ..
රට තුළ පවතින දරුණු ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව, මදුරුවන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාව මත ගතවූ මාසය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්ථානීය නඩු 634ක් ගොනු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) පියවර ගෙන තිබෙනවා.
මෙම වැටලීම්වලදී මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව අධිකරණය මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක (රු. 10,225,000) දැවැන්ත දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් සඳහන් කළ සිටියේ ගෙවුණු මස තුළ ඩෙංගු බෝවීමට සැලැස්වූ නිවාස 494ක්, රජයේ සහ පුද්ගලික ආයතන 134ක්, පාසල් 4ක්, ආගමික ස්ථාන 02කටද නඩු පැවරූ බවයි.
ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන මෙවැනි පසුබිමක, මහජනතාව දැනුවත් කිරීම් සිදු කරන අතරතුරම මදුරුවන් බෝවන ස්ථාන සොයා සෝදිසි කිරීම් සහ වැටලීම් ඉදිරියටත් ඉතාමත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.