තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගැන අද අහන්න ලැබුණු විශේෂ ආරංචිය මෙන්න..
Thursday, 09 July 2026 - 17:20 | Views - 40
නුවරඑළිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ අතිශය ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඊට සහයෝගය දුන් බව කියන මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා (OIC) ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.

මෙලෙස යළි රිමාන්ඩ් කරනු ලැබුවේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, සැකකරුට සහයෝගය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරා සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයායි. බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේ මොවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. එහිදී ඔහු කියා සිටියේ විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබාගැනීමට අවශ්‍ය බැවින්, ඔහුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා (JMO) වෙත යොමු කරන ලෙසයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රධාන සැකකරුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා. එහිදී රුධිර සාම්පල ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම රිමාන්ඩ් නියෝගය දීර්ඝ කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top