තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගැන අද අහන්න ලැබුණු විශේෂ ආරංචිය මෙන්න..
නුවරඑළිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ අතිශය ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඊට සහයෝගය දුන් බව කියන මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා (OIC) ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.
මෙලෙස යළි රිමාන්ඩ් කරනු ලැබුවේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, සැකකරුට සහයෝගය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරා සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයායි. බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේ මොවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
නඩුව කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. එහිදී ඔහු කියා සිටියේ විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබාගැනීමට අවශ්‍ය බැවින්, ඔහුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා (JMO) වෙත යොමු කරන ලෙසයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රධාන සැකකරුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා. එහිදී රුධිර සාම්පල ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම රිමාන්ඩ් නියෝගය දීර්ඝ කෙරුණා.