මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දී‍යානුවෙකුත් මිය ගිහින්.. 'The Hindu' අනාවරණය කළ මීගමුව ඛේදවාචකයේ තොරතුරු මෙන්න..
Thursday, 09 July 2026 - 10:20 | Views - 66
ඉකුත් දා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම අතරතුර මියගිය රැඳවියන් අතර ඉන්දීය ජාතිකයෙකු ද සිටින බව 'The Hindu' පුවත්පත වාර්තා කරනවා.

කොළඹ මූලික කරගත් සිය නිල ආරංචි මාර්ග තහවුරු කර දක්වමින් 'The Hindu' වාර්තා කරන්නේ මරණකරු 73 හැවිරිදි උන්නික්‍රිෂ්ණන් එස්. (Unnikrishnan S.) නමැති අයෙකු ලෙසයි.

මෙම ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත රාජ්‍ය තාන්ත්‍රික නිවේදනයක් යොමු කර ඇති බව එම පුවත් වාර්තාව සඳහන් කළා.

මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරන බව 'The Hindu' වැඩිදුරටත් වාර්තා කරනවා.

මියගිය ඉන්දීය ජාතිකයාට එරෙහිව පැවති චෝදනා සහ මීගමුව බන්ධනාගාරයෙන් මාරුකර යැවූ සමස්ත ඉන්දීය රැඳවියන් සංඛ්‍යාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 'The Hindu' පුවත්පත ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීම් කර ඇතත්, මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැති බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top