මීගමුව බන්ධනාගාරය තවමත් නොසන්සුන්! යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට...
Thursday, 09 July 2026 - 9:43 | Views - 67
පසුගිය 05 සහ 06 යන දිනවල රැඳවියන් දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගත් මීගමුව බන්ධනාගාරය තුළ, ඊයේ (08) දිනයේදී ද යළිත් වරක් සුළු නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව තත්ත්වය වහාම පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ඇති වූ ගැටුම්වලින් පසුව බන්ධනාගාරයේ ඇතුළත ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඊයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව තිබෙනවා. එම අවස්ථාවේදී එහි රඳවා සිටින 700කට අධික රැඳවියන් අතුරින් පිරිසක් සිරමැදිරිවලින් පිටතට පැමිණ විරෝධය පළ කර ඇති අතර, එහිදී කලහකාරී ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පෙර පැවති ගැටුම්වලින් මියගිය රැඳවියන්ගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට විවෘත තීන්දුවක් නිකුත් කර ඇති අතර, අදාළ වෛද්‍ය වාර්තා අද (09) දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මියගිය අය අතර සිටින ඉන්දීය ජාතික රැඳවියා සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් වී නොමැති බව ද පොලිසිය සඳහන් කළා.

බන්ධනාගාරය තුළ පවතින මෙම නොසන්සුන් වාතාවරණය හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් ඊයේ දිනයේදීත් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටි අතර, ආරක්ෂක හේතූන් මත ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top