ඩෙංගු උවදුර නිසා කොළඹ සරසවියේ දේශන තාවකාලිකව නවතී.. හෙට සිට අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට..
Thursday, 09 July 2026 - 9:14 | Views - 67
රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තියේ අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු හෙට (10) සිට ලබන 15 වැනිදා දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මෙම කාලසීමාව තුළ විශ්වවිද්‍යාලයේ භෞතිකව පවත්වන දේශන නවතා දැමුවද, ශිෂ්‍ය නේවාසිකාගාර සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා. එමෙන්ම, සරසවි භූමිය තුළ ඩෙංගු මදුරු මර්දන කටයුතු (දුම් ගැසීම) පසුගිය දින කිහිපය පුරාම සිදු කිරීමට පියවර ගෙන තිබුණා.

ඩෙංගු අවදානම හේතුවෙන් මෙරට තවත් විශ්වවිද්‍යාල කිහිපයක්ම අධ්‍යයන කටයුතු තාවකාලිකව සීමා කිරීමට මීට පෙර පියවර ගෙන තිබුණා. ඒ අනුව, සෞන්දර්ය හා මොරටුව විශ්වවිද්‍යාලයන් ද මීට පෙර වසා දැමීමට තීරණය කෙරුණු අතර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මේ මස 13 වැනිදා සහ මොරටුව විශ්වවිද්‍යාලය මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, සියලුම සිසුන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top