ඔහු සැබවින්ම දක්ෂතාවෙන් පිරිපුන් තරුණයෙක්.. නොසිතූ නිමේෂයක ජීවිතය හැරදා ගිය රුචිරගේ කතාවෙන් සියල්ලන්ගේ හදවත් කම්පා වෙයි...
Thursday, 09 July 2026 - 8:36 | Views - 188
අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තලාව, මොරගොඩ සුනාමි හන්දිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, අනුරාධපුර, නාවිච්චාදූව පාර තුරුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඩී. රුචිර දිල්ෂාන් නැමැති නිලධාරියෙක්. ඔහු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිර යන අවස්ථාවේදී, ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනෙකු අතුරින් 'දක්ෂතම රියැදුරා' ලෙස විශේෂ සම්මානයෙන් පවා පිදුම් ලැබූ දක්ෂ නිලධාරියෙකි.

ලැබූ නිවාඩුවකට නිවසට පැමිණ සිටි රුචිර, සිය මිතුරෙකු ද සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති සැණකෙළියක් නැරඹීමට ගොස් තිබෙනවා. අනතුරුව මිතුරා ව තඹුත්තේගම පිහිටි ඔහුගේ නිවසටම ඇරලවා, රුචිර යළි යතුරුපැදියෙන් හිදෝගම දෙසට තනිවම ගමන් කරමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වුණා.

තලාව පොලිසිය සඳහන් කරන ආකාරයට, මාර්ගයේ ධාවනය වූ වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කළ කැබ් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් තමන්ට හිමි මංතීරුවේ පැමිණි කොස්තාපල්වරයාගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ලා දරුණු ලෙස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top