සියල්ල උඩුයටිකුරු කළ මයිකල් මෙරිනෝගේ ගෝලය.. පෘතුගාල පරාජයත් සමග ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිටියෙන් සමුගනී.
Wednesday, 08 July 2026 - 20:36 | Views - 106
ලෝක පාපන්දු ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය අවාසනාවන්ත ලෙස නිමාවට පත්ව තිබෙනවා.

ඇමරිකාවේ ඩලාස් නුවරදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරගයකින් පෘතුගාලය පරදා ගෝල 1-0 ක තියුණු ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් වූ අතර, තරගයේ අතිරේක කාලයේදී ස්පාඤ්ඤ කණ්ඩායමේ මයිකල් මෙරිනෝ වාර්තා කළ සුවිශේෂී ගෝලයත් සමඟ පෘතුගාලයේ ලෝක කුසලාන ගමන මෙලෙස අවසන් වුණා.

ලෝක කුසලාන තරගාවලි 6ක් නියෝජනය කරමින් ඒ සෑම තරගාවලියකදීම ගෝල වාර්තා කරමින් සුවිශේෂී ලෝක වාර්තාවකට හිමිකම් කී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, මෙවර ලැබූ පරාජයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව කඳුළු පිරි දෑසින් යුතුව ලෝක කුසලාන පිටියෙන් සමුගත්තා.

අනෙක් අතට, ස්පාඤ්ඤ කණ්ඩායම මෙලෙස අර්ධ අවසන් පූර්ව වටයකට පිවිසීමට සමත් වූයේ වසර 16කට පසුව වීම විශේෂත්වයක් වන අතර ඔවුන් මීට පෙර 2010 වසරේදී මෙලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිස ලෝක ශූරතාව ද දිනා ගනු ලැබුවා.

නියමිත විනාඩි 90 පුරාම දෙපිලටම ගෝල වාර්තා කිරීමට ඉඩ නොතබමින් ස්පාඤ්ඤයේ උනායි සයිමන් සහ පෘතුගාලයේ ඩියාගෝ කොස්තා යන දැළ රකින්නන් දෙදෙනා සුවිශේෂී දක්ෂතා දැක්වූවා. කෙසේ වෙතත්, අතිරේක කාලයේ පළමු විනාඩියේදීම ෆෙරාන් ටොරස්ගෙන් ලැබුණු පන්දුව සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමට මයිකල් මෙරිනෝ සමත් වූ අතර, පෘතුගාලය සතුව ප්‍රබල ප්‍රහාරකයන් සිටියද ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබා නොදී ස්පාඤ්ඤය පිට පිටම ජයගත් පස්වැනි තරගය ලෙස ද මෙය සටහන් වුණා.

මේ අතර පැවැති අනෙක් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය ගෝල 4-1ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට බෙල්ජියම සමත් වුණා. එහිදී බෙල්ජියම වෙනුවෙන් චාල්ස් ඩි’කෙටල්ලියර් ගෝල දෙකක් ද, හාන්ස් වැනකෙන් සහ රොමේලු ලුකාකු සෙසු ගෝල ද වාර්තා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර, ඒ අනුව ඉදිරි අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤය සහ බෙල්ජියම එකිනෙකාට එරෙහිව ප්‍රබල සටනකට අවතීර්ණ වීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top