ලෝක ඉතිහාසයේ අපූර්ව මොහොතක්.. අද එකම මිනිත්තුවකදී ලෝක ජනගහනයෙන් 99%කටම එකවර සූර්යාලෝකය ලැබෙයි..
Wednesday, 08 July 2026 - 19:01 | Views - 35
ග්‍රිනිච් වේලාවෙන් අද (08) 11:10 ට පමණ, ලෝකයෙන් සියයට 99 කට එකම අවස්ථාවක සූර්යාලෝකය ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පෘථිවියේ ඇලවීම සහ උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය එළඹීම හේතුවෙන්, ජූලි 8 වන දින ග්‍රිනිච් වේලාවෙන් 11:10 ට පමණ ලෝක ජනගහනයෙන් සියයට 99කට එනම් බිලියන 8.2 ක පමණ ජනතාවකට එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගය අත්විඳීමට ලැබෙනු ඇති බවයි වාර්තා වෙන්නේ,

විනාඩියක් තරම් කෙටි කාලයකට, පෘථිවියේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රදේශ සියල්ලම සූර්යාලෝකයට නිරාවරණය වන අතර, රාත්‍රී කාලය අත්විඳින්නේ ඉතා සුළු පිරිසක් පමණයි.

ලෝක ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ බොහෝ ප්‍රදේශ පුරා මෙම දිවා කාලය පැතිර පවතිනු ඇති.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අග්නිදිග ආසියාවේ කොටස් සහ ඇන්ටාක්ටිකාව මෙන්ම ඒ අවට සාගර කලාපයන් ද එම අවස්ථාවේදී අන්ධකාරයේ පවතිනු ඇති.

මෙය එක් දිනකට පමණක් සීමා වූ සංසිද්ධියක් නොවන බව සඳහන්.

සෑම වසරකම දළ වශයෙන් මැයි 18 සිට ජූලි 17 දක්වා දින 60 ක පමණ කාලයක් පුරා, මුළු මහත් මිනිස් සංහතියටම පාහේ එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගය අත්විඳීමට ලැබෙන මෙවැනි කෙටි මොහොතක් සෑම දිනකම උදාවෙන බව සඳහන්.

මෙම සංසිද්ධිය ජූලි 8 වනදාට පමණක් සුවිශේෂී වූවක් බව පවසමින් 2022 වසරේදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් ඉතා වේගයෙන් ප්‍රසිද්ධියට පත්වුණා.

ජූලි 8 යනු මෙම සූර්යාලෝකයේ පතිතවීම වීම උපරිමයෙන්ම සිදුවන එක් දිනයක් පමණක් වන අතර, උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය ආශ්‍රිතව මාස දෙකක පමණ කාලයක් පුරා සෑම දිනකම මෙවැනි තත්ත්වයන් හටගන්නා බව පසුව සිදු කරන ලද කරුණු විමර්ශනයකදී හෙළිවුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top