ලෝක ඉතිහාසයේ අපූර්ව මොහොතක්.. අද එකම මිනිත්තුවකදී ලෝක ජනගහනයෙන් 99%කටම එකවර සූර්යාලෝකය ලැබෙයි..
ග්‍රිනිච් වේලාවෙන් අද (08) 11:10 ට පමණ, ලෝකයෙන් සියයට 99 කට එකම අවස්ථාවක සූර්යාලෝකය ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පෘථිවියේ ඇලවීම සහ උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය එළඹීම හේතුවෙන්, ජූලි 8 වන දින ග්‍රිනිච් වේලාවෙන් 11:10 ට පමණ ලෝක ජනගහනයෙන් සියයට 99කට එනම් බිලියන 8.2 ක පමණ ජනතාවකට එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගය අත්විඳීමට ලැබෙනු ඇති බවයි වාර්තා වෙන්නේ,
විනාඩියක් තරම් කෙටි කාලයකට, පෘථිවියේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රදේශ සියල්ලම සූර්යාලෝකයට නිරාවරණය වන අතර, රාත්‍රී කාලය අත්විඳින්නේ ඉතා සුළු පිරිසක් පමණයි.
ලෝක ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ බොහෝ ප්‍රදේශ පුරා මෙම දිවා කාලය පැතිර පවතිනු ඇති.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අග්නිදිග ආසියාවේ කොටස් සහ ඇන්ටාක්ටිකාව මෙන්ම ඒ අවට සාගර කලාපයන් ද එම අවස්ථාවේදී අන්ධකාරයේ පවතිනු ඇති.
මෙය එක් දිනකට පමණක් සීමා වූ සංසිද්ධියක් නොවන බව සඳහන්.
සෑම වසරකම දළ වශයෙන් මැයි 18 සිට ජූලි 17 දක්වා දින 60 ක පමණ කාලයක් පුරා, මුළු මහත් මිනිස් සංහතියටම පාහේ එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගය අත්විඳීමට ලැබෙන මෙවැනි කෙටි මොහොතක් සෑම දිනකම උදාවෙන බව සඳහන්.
මෙම සංසිද්ධිය ජූලි 8 වනදාට පමණක් සුවිශේෂී වූවක් බව පවසමින් 2022 වසරේදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් ඉතා වේගයෙන් ප්‍රසිද්ධියට පත්වුණා.
ජූලි 8 යනු මෙම සූර්යාලෝකයේ පතිතවීම වීම උපරිමයෙන්ම සිදුවන එක් දිනයක් පමණක් වන අතර, උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය ආශ්‍රිතව මාස දෙකක පමණ කාලයක් පුරා සෑම දිනකම මෙවැනි තත්ත්වයන් හටගන්නා බව පසුව සිදු කරන ලද කරුණු විමර්ශනයකදී හෙළිවුණා.