දිස්ත්‍රික්ක 3කට හෙට දැඩි උණුසුම් කාලගුණයක්.. සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි කාලගුණයෙන් උපදෙස් මාලාවක්..
Wednesday, 08 July 2026 - 18:21 | Views - 30
මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි හෙට (09) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මඟින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් මේ බව ගණනය කර තිබෙනවා.

මේ හේතුවෙන් වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළයුතු අතර සෙවණ ඇති ස්ථානවල විවේක ගතයුතු වනවා.

මෙහිදී නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයා යුතු අතර එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.

මේ අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top