දිස්ත්‍රික්ක 3කට හෙට දැඩි උණුසුම් කාලගුණයක්.. සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි කාලගුණයෙන් උපදෙස් මාලාවක්..
මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි හෙට (09) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මඟින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් මේ බව ගණනය කර තිබෙනවා.
මේ හේතුවෙන් වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළයුතු අතර සෙවණ ඇති ස්ථානවල විවේක ගතයුතු වනවා.
මෙහිදී නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයා යුතු අතර එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.
මේ අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ