ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ නිල දින වකවානු මෙන්න.. කප් සිටුවීම අගෝස්තු 13 වැනිදා සුබ නැකතින්..
Wednesday, 08 July 2026 - 17:30 | Views - 83
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවාදයට පාත්‍ර වූ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින වකවානු සහ චාරිත්‍ර වාරිත්‍ර කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෙරහැර මංගල්‍යයේ ආරම්භක චාරිත්‍රය වන "කප් සිටුවීම" අගෝස්තු මස 13 වැනිදා පූර්වභාග 06:17 ට යෙදෙන සුබ නැකත් මුහුර්තයෙන් සිදු කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළා.

අද (08) පස්වරුවේ දළදා මාලිගා පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ දැනුම් දෙනු ලැබුවා.බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ පහසුව උදෙසා මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සම්පූර්ණ දින දර්ශනය පහත පරිදි පෙළගස්වා තිබෙනවා.

ඒ අනුව අගොස්තු 13වැනිදා කප් සිටුවීමෙන් පසු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.

පළමු කුඹල් පෙරහැර 18 දින ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.

පළමු රන්දෝලි පෙරහැර 23 දින ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 දිනයේ පැවැත්වේ.

පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඉන් අනතුරුව එදිනම පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදි පෙරහැර සාර්ථකව සිදු කළ බවට දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය භාරදීමට නියමිතයි.

මෙම නිල දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමි, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top