කළු සල්ලි සුදු කළ අංගොඩ ජාලය කොටු වෙයි.. මත්කුඩු සල්ලිවලින් ගත් ලක්ෂ 50ක වාහන 3ක් තහනම් කිරීමට කිරීමට අධිකරණ නියෝග..
Wednesday, 08 July 2026 - 16:43 | Views - 40
අංගෙඩ කැලිණිමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගනු ලැබූවැයි කියන රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහන තුනක් සම්බන්ධයෙන් තහනම් කිරීමේ නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (08) නිකුත් කර තිබෙනවා.

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

කැලණිමුල්ල උතුර, අංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් සැකකාරියගේ සහ ඇගේ සමීපතමයෙකුගේ නමින් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ත්‍රීරෝද රථ දෙකක් මිලදී ගෙන ඇති බව එහිදී සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව සැකකාරියගේ පුත්‍රයාගේ නමින් රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා බස් රථයක් ද මිලදී ගෙන ඇති බව හෙළිව ඇතැයි ද පැවසෙනවා.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, අදාළ දේපළ සම්බන්ධයෙන් ලබන 14 වැනිදා දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top