ජල පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්.. හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ සතියක් ලබන 13 වැනිදා සිට ඇරඹෙයි..
Wednesday, 08 July 2026 - 16:07 | Views - 23
ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලබන ජූලි 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම විශේෂ සතිය "ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය" ලෙස නම් කර ඇති අතර, දිගු කලක් තිස්සේ බිල්පත් නොගෙවා පැහැර හැර ඇති පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් කඩිනමින් එකතු කර ගැනීම මෙහි අරමුණයි.

මෙම විශේෂ වැඩසටහන ප්‍රධාන වශයෙන් කොළඹ සහ තවත් තෝරාගත් කලාප කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම වැඩසටහන ප්‍රධාන වශයෙන් ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලු ප්‍රදේශ මෙන්ම මහරගම හා කෝට්ටේ කලාප ඊට අයත් වනවා.

තම නිවෙස් හෝ ආයතනවල ජල සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, බිල්පත්වල දැනට පවතින හිඟ මුදල් ලබන 13 වැනි දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය සියලුම පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පාරිභෝගිකයන්ට පවතින කාර්යබහුලත්වය මඟහරවා ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලීය පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලට අමතරව, අදාළ බැංකු යෙදවුම් (Online Banking Apps) හෝ දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳසැල් මඟින් ද කඩිනමින් බිල්පත් පියවීමේ හැකියාව පවතිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top