අවසන් හුස්ම තෙක් සේවයට කැප වී නිහඬ වූ විරුවන් ඉදිරියේ මුළු වැලිකඩම හඬා වැටෙයි..
Wednesday, 08 July 2026 - 15:52 | Views - 26
සතුකටදී එකට සතුටු වූ, කඳුළකදී තනි නොකළා වූ, සුසුමේදී අත් නොහළා වූ, තමන් සමීපයේම ගැවසුණ ප්‍රියයන්ගේ වෙන් වීම තරම් වේදනාවක් මිහිමත තවත් නොමැති තරම් ය.

ඒ වේදනාව මේ මොහොතේ අත් විඳිමින් එකට රාජකාරිය කළ තම සගයන්ගේ නිසල දේහයන් අභියස ඔවුන්ගේ මිතුරන් හඬා වැටෙන්නේ බලා සිටින්නන්ගේ දෑස් කඳුළින් තෙත් කරමින්.

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මැදි වෙමින් නිල ඇඳුමට සහ නිල ලාංඡනයට ඉහළම ගෞරවයක් අත්කර දෙමින් සමුගත් විරුවන්ගේ දේහයන් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරයේ තැන්පත් කර තිබේ.

අද මුළු වැලිකඩම කඳුළු ගංගාවක් වී අවසන්.

රාජකාරි මධ්‍යයේ දිනපතා දකින, එකට සිනාසුණු, එකට දුක්ගැනවිලි බෙදාගත් ඒ ආදරණීය සගයන්ගේ නිසල දේහයන් අසල ඉකිබිඳුමෙන් බලා සිටින මිතුරන්ගේ දෑස්වලින් කඳුළු ගංගා ඇද හැලෙන්නේ පපුව මැද්දෙන් ගලා එන සෝ සුසුම්, හිස් වූ අහස් තලයට මුසු කරමින්.

තම සගයන්ගේ නොසිතු නික්ම යෑම ඔවුනට දරා ගත නොහැකි වේදනාවක් වී අවසන් ය.

රාජකාරිය දේවකාරිය ලෙස ඉටුකරමින් අවසන් හුස්ම දක්වාම රාජකාරිය වෙනුවෙන් කැප වී අවසන් හුස්මත් තම රාජකාරිය නාමයෙන් පුදදුන් අභීත නිලධාරීන් අද නිසලව සිටියත් ඔබ සියලු දෙනා අප හදවත් තුළින් කිසිදා නොමියනු ඇත.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top