මීගමුව බන්ධනාගාරය අදත් කැළඹෙයි! යළිත් නොසන්සුන්තාවයක් හටගෙන පිරිසක් රෝහලට..
Monday, 06 July 2026 - 15:29 | Views - 94
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) දින යළිත් ඇති වූ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී සහ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාාගර පරිශ්‍රයට ඇතුළු වී ගැටුම පාලය කිරීමට සූදානම්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම උණුසුම්කාරී තත්වය ඊයේ (05) දින පෙරවරුවේ පටන් ආරම්භව තිබූ අතර එය සවස්වරුවේදී පාලනය කරමින් තිබූ තත්ත්වයක් මත අද (06) මෙම තත්වය ඇති විණි.

බන්ධනාගාර රැඳවියන් පිරිසක් අද (06) උදෑසන සංවිධානාත්මක කළ මෙම ගැටුම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කළා.

බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් ඊයේ (05) එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක සඳහන් කළා.

සැකකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top