බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි.. ජාතික ගමනාගමන කොමිසම නිවේදනය කළ නව බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.
Monday, 06 July 2026 - 11:18 | Views - 125
ඉහළ දැමුණු නව බස් ගාස්තු සංශෝධනය අද සිට රට පුරා නිල වශයෙන් ක්‍රියාත්මක වනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා නිවේදනය කළ පරිදි සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී යන සියලුම බස් රථ සේවා සඳහා මෙම ගාස්තු ඉහළ දැමීම අදාළ වනවා.

ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 රුපියල් 2902 දක්වා රුපියල් 480 කින් ඉහළ යන බව ජාතික ගමනාගමන කොමිසම පසුගියදා නිවේදනය කළා.

ඊට අමතරව රුපියල් 39 ක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 44 ක් දක්වාත් රුපියල් 50 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 56 දක්වාත්, රුපියල් 62 ක මුදලකට පැවති ගාස්තුව, රුපියල් 69 දක්වාත්, රුපියල් 74 ගාස්තුව රුපියල් 82 දක්වාත්, රුපියල් 85 ගාස්තුව රුපියල් 95 දක්වාත්, රුපියල් 97 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 108 ක් දක්වාත් ඉහළ යනවා.

එසේම, අර්ධ සුඛෝපභෝගී නව බස් ගාස්තු යටතේ අවම ගාස්තුව වූ රුපියල් 44 ක බස් ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යන අතර එහි උපරිම ගාස්තුව වූ රුපියල් 3,330 ක බස් ගාස්තුව රුපියල් 4,353 දක්වාද ඉහළ යනු ඇති.

මීට අමතරව සුඛෝපභෝගී සේවා ගාස්තුවල රුපියල් 60 ක් ලෙස පැවති අවම ගාස්තුව ඉහළ යන්නේ රුපියල් 66 දක්වායි.

සුඛෝපභෝගී සේවා උපරිම ගාස්තුව වන රුපියල් 4405 රුපියල් 5571 ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

මේ අතර අන්තර් පළාත් සේවා යටතේ කොළඹ සිට මහනුවර දක්වා නව ගාස්තුව රුපියල් 521 ක්.

කොළඹ - මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681 දක්වාත්, කොළඹ - ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 496 දක්වාත් ඉහළ දැමූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top