ගම් වැදෙන කුඩු උවදුරට එප්පාවලදී වැට බැඳෙයි. ජාවාරමේ නිරතවූ "දෝණී" පොලිස් දැලට හසුවෙයි..
අනුරාධපුර එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් රහසිගතව නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, "දෝණී" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක මත්ද්‍රව්‍ය ද සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.45ක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර පසුව ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එප්පාවල, පත්කොළවැටිය ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනෙකු සිටින මවකි. ඇය ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධව සිට ඇත්තේ "දෝණී" යන නමිනි. තමන් ද මවක වෙමින්, තවත් තරුණ ජීවිත රැසක් බිහිසුණු උවදුරට බිලිදීම සඳහා ඇය කාලයක සිට මෙම ජාවාරම ඉතා සූක්ෂ්ම ලෙස මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව අනුරාධපුර එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.