ගම් වැදෙන කුඩු උවදුරට එප්පාවලදී වැට බැඳෙයි. ජාවාරමේ නිරතවූ "දෝණී" පොලිස් දැලට හසුවෙයි..
Monday, 06 July 2026 - 8:18 | Views - 107
අනුරාධපුර එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් රහසිගතව නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, "දෝණී" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක මත්ද්‍රව්‍ය ද සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.45ක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර පසුව ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එප්පාවල, පත්කොළවැටිය ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනෙකු සිටින මවකි. ඇය ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධව සිට ඇත්තේ "දෝණී" යන නමිනි. තමන් ද මවක වෙමින්, තවත් තරුණ ජීවිත රැසක් බිහිසුණු උවදුරට බිලිදීම සඳහා ඇය කාලයක සිට මෙම ජාවාරම ඉතා සූක්ෂ්ම ලෙස මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ලැබුණු රහසිගත තොරතුරකට අනුව අනුරාධපුර එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top