ඔබේ නිවස, පාර සහ සේවා ස්ථානය ආරක්ෂිතද? 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය හෙටින් ඇරඹේ.
Sunday, 05 July 2026 - 12:10 | Views - 62
අනතුරු නිවාරණය පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතිය" හෙට (ජූලි 06) සිට ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අහිමි වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනු ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (06) උදෑසන 11.00 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බවයි සදහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අය වන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙම අනතුරු හේතුවෙන් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද එල්ල වන දැඩි බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වී තිබෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම සතියේ සෑම දිනයක්ම විශේෂ තේමාවන් යටතේ ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව, 06 (සඳුදා) වැනිදා ‘මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය’, 07 (අඟහරුවාදා) වැනිදා ‘සේවා, ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය’, 08 (බදාදා) වැනිදා ‘නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය’, 09 (බ්‍රහස්පතින්දා) වැනිදා ‘දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය’, සහ 10 (සිකුරාදා) වැනිදා පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස මෙම සතිය නම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අනතුරු සිදුවීමේ අවදානම පවතින ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා වූ ප්‍රායෝගික වැඩසටහන් මෙන්ම අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.

රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, අනතුරු නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා උපරිම මහජන සහභාගිත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top