බස්නාහිර පළාතේ මේ පැතිවල ඉන්න අය පරිස්සම් වෙන්න.. අද ඉඳන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්...
Sunday, 05 July 2026 - 11:15 | Views - 73
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22 ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කෙරෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ද එක්වීමට නියමිතයි.

ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල මෙන්ම කොළඹ මහනගර සභාවේ කලාප 03 ක් ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 09 ක මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජා ඇල, මහර, වත්තල, මීගමුව හා මිනුවන්ගොඩ යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ 08 තුළත් කලුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය හා කලුතර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 05 තුළද මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම ක්‍රියාවට නැංවෙනු ඇති.

මේ අතර, මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබූ අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පරික්ෂා කළ පාසල්වලින් සියයට 40 ක ප්‍රතිශතයක තවමත් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ඊයේ දිනයේදී ප්‍රකාශ කළා. 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top