පාසල් පොත් බෙදාහැරීමට අලුත්ම තාක්ෂණික ක්‍රමවේදයක්! දත්ත පද්ධතියක් හරහා තොග පාලනය විධිමත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර..
Saturday, 04 July 2026 - 16:12 | Views - 62
දිවයිනේ පාසල් සිසුන් වෙනුවෙන් පෙළපොත් ප්‍රසම්පාදනය කිරීම, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් මෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව නව තාක්ෂණික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී තිබෙනවා.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 සහ 2024 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා.
එහිදී මෙම නව තාක්ෂණික විප්ලවය පිළිබඳ තොරතුරු නිල වශයෙන් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, දැනට පාසල් සතුව පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ නිවැරදි තොරතුරු සෘජුවම ලබා ගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් (Computerized Data System) හඳුන්වා දී තිබෙනවා.
මෙමඟින් අනවශ්‍ය ලෙස පොත් මුද්‍රණය වීම වැළකෙන අතර, හිඟයකින් තොරව නියමිත වේලාවට දරුවන් අතට පොත්පත් පත්කිරීමේ හැකියාවද හිමිවනවා.
Share This Article