පෙම්වතාගේ සහ පියාගේ කතාවල පරස්පරතාවක්.. පවුලෙන් වෙන්ව හුදෙකලා ජීවිතයක් ගතකළ ජනප්‍රිය නිළියක් අවාසනාවන්ත රෝගයක් වැළඳී ජීවිතයෙන් සමුගනී..
Saturday, 04 July 2026 - 8:35 | Views - 73
මීට දින කිහිපයකට කලින් ඇය ගැන ඇසුණු ඒ පුවත බොහෝ දෙනාගේ සංවේගයට හේතුවක් වුණා.

ලෝක ප්‍රකට ‘Lilo & Stitch’ සජීවීකරණ චිත්‍රපටයේ "Lilo" යන ප්‍රධාන චරිතයට හඬ කැවීමෙන් සහ ‘The Ring’ චිත්‍රපටයේ "Samara" ලෙස රංගනයෙන් දායක වී ජනප්‍රියත්වයට පත් වූ හොලිවුඩ් නිළි ඩැවේ චේස් (Daveigh Chase) මියගොස් තිබෙනවා.

ලොස් ඇන්ජලීස් වෛද්‍ය පරීක්ෂක කාර්යාලය නිල වශයෙන් මේ බව ප්‍රකාශ කළා. මියයන විට ඇයගේ වයස අවුරුදු 35ක්. ලොස් ඇන්ජලීස් මරණ පරීක්ෂක වාර්තාවලට අනුව, ඇයගේ මරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ HIV ආසාදනය උත්සන්න වීමෙන් වැළඳෙන AIDS රෝගී තත්ත්වයයි.

මීට අමතරව, ඇය දීර්ඝ කාලයක සිට විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීමත් මේ මරණයට බලපෑ තවත් හේතුවක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දී තිබුණා.

ඇයගේ පියා වන ජෝන් ඩේවිඩ් ෂ්වෝලියර් (John David Schwallier) ‘New York Times’ පුවත්පතට පවසා ඇත්තේ ඩැවේ වයස අවුරුදු 13 සිටම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බවත්, මෑත කාලයේදී ඇය ලොස් ඇන්ජලීස් නුවර නිවාසක් නොමැතිව (Homeless) මහමඟ ජීවත් වූ බවයි.

ඇය වසර ගණනාවකින් තම පවුලේ අය සමඟ සන්නිවේදනයක් පවත්වා නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මුල් අවස්ථාවේදී ඇයගේ පෙම්වතා වන රෝයි හර්නන්ඩස් (Roy Hernandez) ප්‍රකාශ කර තිබුණේ ඇයට වෙනත් රෝගී තත්වයක් වැළඳී ඇති බවයි.

ඔහු ඇය වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමටද උත්සාහ කර තිබුණත් ඩැවේගේ හිටපු කළමනාකරු සහ පවුලේ හිතවතුන් ප්‍රකාශ කරන්නේ ඇය සතුව ප්‍රමාණවත් තරම් මුදල් ඇති බැවින් එම ආධාර මුදල් එකතු කිරීම වංචනික ක්‍රියාවක් බවයි.

2016 වසරෙන් පසු ඇය රංගන ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම සමුගත් අතර, සොරකම් කරන ලද වාහනවල ගමන් කිරීම සහ තහනම් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම වැනි චෝදනා මත ඇය නීතිමය ගැටලුවලටද මුහුණ දී තිබුණා.

ළමා නිළියක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය ‘Lilo & Stitch’ (2002) චිත්‍රපටයට සහ එහි රූපවාහිනී කතා මාලාවලට හඬකැවීම් සිදුකළා. මීට අමතරව ‘Spirited Away’ (English Dub), ‘Donnie Darko’ සහ HBO නාලිකාවේ ‘Big Love’ වැනි ජනප්‍රිය නිර්මාණ රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.. 

Daveigh Chase - AlloCiné

Photo : Daveigh Chase à la première de la série

Daveigh Chase - Agent, Manager, Publicist Contact Info
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top