Hiru Relay Championship 2026 16න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට...
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 16න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්යාලයට හිමිවුණා.
හිරු මාධ්ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්ය ජාලයේ පූර්ණ අනුග්රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්රී ලංකා පාසල් මලල ක්රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්යාපන අමාත්යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.